ග්‍රීක සමාගමට අයත් නෞකාවකට රතු මුහුදේදි හූති සටන්කාමින්ගෙන්  ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

එම ප්‍රහාරයෙන් නැවේ එන්ජිං කාමරයට දැඩි හානි සිදුව ඇති බවත් එම නිසා නැවට ජලය පිරෙමින් තිබෙන බවත් එක්සත් ජනපද හමුදාව පවසනවා

නමුත් ජීවි​ත හානි කිසිවක් වාර්තා වී නැති අතර, කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ආරක්ෂිතව සිටින බව (UKMTO) ප්‍රකාශ කරනවා.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් (UKMTO) කාර්යාලය ද පවසන්නේ, යේමනයේ කැරලිකරුවන් විසින් පාලනය කරන ලද හොඩෙයිඩා වරායට නිරිත දෙසින් නාවික සැතපුම් 66 ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ නැවකට හවුති ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ඉරානයේ පිටුබලය ලබන හූ​ති සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර, තමන් මුහුදු ඩ්‍රෝන යානයක් භාවිත කරමින් ලයිබීරියානු ධජය සහිත ටියුටර් නමැති යාත්‍රාවක් ඉලක්ක කළ බව පවසා තිබෙනවා.

හූති සටන්කාමි​න් පසුගිය කාලය පුරාම ගාසා තීරයේ පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා රතු මුහුදේ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර එය  ලෝක වෙළඳාමට දැඩි ලෙ​ස බාධා එල්ල කරයි