කඩුවෙල රනාල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

එම අවස්තාවේදී බස් අනතුරි​න් පාසල් ළමුන් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා  ඇති අත​ර ඔවුන් නවගමුව රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.