ඉදිරි ජනාධිපතිවරණයට සඳහා ස්වාධීන අපෙර්ක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනටමත් ඇප තැන්පත් කර ඇත.

මේ වන විට ඔහු තරග වදින ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු බොහෝ දුරට ‘හදවත’ ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදිනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔහු ස්වාධීනව තරග වදින බැවින් ඕනෑම පුද්ගලයකුට ඕනෑම පක්ෂයකට ඔහු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී රොනල්ඩ් පෙරේරා සඳහන් කරයි.