තමන් කිසි දිනක රනිල් වික්‍රමසිංහ සමග එක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

බොරු ප්‍රචාරක සිදු කරන මාධ්‍ය යැයි කියා ගන්නා ආයතන කිහිපයක් එකට එකතු වී රනිල් සහ සජිත් එකතු වෙනවා කියා බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් එම ප්‍රචාර අසත්‍ය බවත් කිසිදු දිනක රනිල් – සජිත් එකට එකතු නොවන බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ආණ්ඩුවෙන් කප්පම් අරගෙන මෙවැනි ජඩ බොරු ප්‍රචාර සිදු නොකරන ලෙස ද විපක්ෂනායකවරයා ප්‍රකාශ කර ඇත.