ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා නැවත වතාවක් ජාතිය ඇමතීමට සැලසුම් කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එදින ජාතිය අමතමින් රට බංකොලොත් බවින් මුදාගත් බවට ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ඊට අදාළ සාකච්ඡා සඳහා මේ දිනවල රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගි වී සිටින බව සඳහන් වේ.

ඒ අනුව, මෙම සාකච්ඡාවලදී බොහෝ දුරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන අවසන් ගිවිසුම්වලට අස්සන් තැබීම සිදුකෙරෙනු ඇති බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හේතුව මත ලබන 26 වැනිදා ජාතිය අමතා ඒ බව දැනුම් දීමටත්, පසුව 27 සහ 28 යන දෙදින තුළ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා මේ බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දීමටත් ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.