කන්නඩා සිනමාවේ සුපිරි තරුව Yash ගේ උපන්දිනය වෙනුවෙන් බැනරයක් ගැසීමට ගිය තරුණයින් තිදෙනෙකු මිය ගොස් වැඩි කාලයක් ගතවන්නට පෙර ඔහුගේ තවත් එක් රසිකයෙකුට දිවි අහිමි වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි 22 හැවිරිදි නවීන් නැමැති තරුණයෙකු වන අතර, ඔහු පෙරදින මිය ගිය රසිකයින් තිදෙනාගේ පවුල් වෙත ශෝකය පළ කිරීම සඳහා පැමිණෙන Yash දැක බලා ගැනීමට යමින් සිටියදී ඔහු ගමන් කළ යතුරුපැදිය පොලිස් රථයක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වී තිබෙනවා.