වසර 3 කින් වැටුප් වැඩි නොකිරීම සහ කළමනාකාරීත්වයේ නිද්‍රාශීලි පිළිවෙතට එරෙහිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් අද (27) සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රත්මලාන ගබඩාව හා ප්‍රධාන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල​ය උදෑසන 8 සිට සියලුම සේවා වලින් ඉවත්වන බව දැනුම්දුන් අත​ර රාජ්‍ය ඔසුසැල් ඉදිරිපිට දහවල් 12 සිට පැයක කාලයක් විරෝධතාද සංවිධාන කර තිබෙන බව​යි එහි ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළේ.

දීප ව්‍යාප්තව පවතින රාජ්‍ය ඔසුසැල් සංඛ්‍යාව 50 ක්.