රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණු නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර අද (07) පෙරවරුවේ එම ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විශ්‍රාම යාමෙන් අනතුරුව එහි නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර පසුගියදා පත් කෙරුණී.

මේජර් ජනරාල් සුරේෂ් සලේට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම යැවීමට කටයුතු කෙරිණි.