රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩිවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම පවසා ඇත.

රට ගිය වසරට වඩා දැන් පවතින්නේ වෙනස් තැනක බව ද ඔහු සඳහන් කර තිබේ.

ඉදිරී මාසයේ දී ජාත්‍යන්තර අරමුදල සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට හැකි වෙන බව විශ්වාස කරන බව ද ඔහු පවසා ඇත.

මේ හේතුවෙන් සංවර්ධන වැඩපිළිවෙලක් නැවතත් ආරම්භ කර රට ඉදිරියට ගෙන යාමට හැකිවෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.