රජයේ සේවකයින්ට කෙසේ හෝ හැ​කි ආකාරයෙන් පඩි වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බොහෝ දුරට තෛපොංගල් වලින් පසු රාජ්‍ය සේවකයන්ට එම පොඩි සහනය ලැබිමට හැකි බවත්, මේ වනවි​ට ර​ටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ශක්තිමත් ව ඇති බවත් මෙම වසරේ රටේ ආර්ථිකය ගොඩ එන වසර බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.