හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් අද එක්විය.

ඒ අනු​ව, ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේදී සිදු විය.

ආගමික නායකයින්, දේශපාලන නායකය​න් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති බව වාර්තා වේ.