ජනප්‍රිය ගායකයෙකු මෙන්ම රැප් තරුවක් ද වන Kanye West ඔහුගේ සිනහව අඩංගු Meme එකක් හේතුවෙන් සමාජ මාධ්‍යෙය්ද ඉතා ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු පිළිබඳ වාර්තා වන අළුත්ම පුවත නම්, ඔහුගේ ස්වාභාවික දත් ඉවත් කර ඒ වෙනුවට ප්ලැටිනම් දත් සවිකරවාගෙන ඇති බවයි. ජනප්‍රිය James Bond චිත්‍රපට මාලාවේ The Spy Who Loved Me සහ Moonraker චිත්‍රපටවල දක්නට ලැබුණු Jaws නම් ප්‍රතිවීර චරිතය අනුව තම දත් සකස් කර ගත් බව පවසන 46 හැවිරිදි Kanye West ඒ පිළිබඳව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් ද පළ කර තිබුණා.

දියමන්ති වලටත් වඩා අධික වටිනාකමකින් යුතු ප්ලැටිනම් ලෝහයෙන් නිමවා ඇති මෙම දත් නිර්මාණය සඳහා ඇමරිකානු ඩොලර් 850,000ක් වැය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.