කැනේඩියානු සුපිරි රැප් ගායක Tory Lanez හට වසර 10ක සිරදඬුවමක් නියම කර ඇත.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී Megan Thee Stallion නම් ගායිකාවට වෙඩිතැබීම සම්බන්ධව වරදකරු කරමින් Lanez හට දඬුවම නියම කර ඇති බව සඳහන් වේ.

2020 ජූලි මස 11 වන දින පැවති සාදයක දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර Tory Lanez විසින් Megan Thee Stallionගේ පාදයට වෙඩි තබා තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා නොදී සිටීම සඳහා Lanez විසින් Megan හට ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට උත්සහ දැරෑ බව ඇය නඩු විභාගය අතර තුරදී ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ද Tory Lanez පවසා ඇත.