තමා සජිත් ප්‍රේමදාස මැතිතුමාව නායකයා වශයෙන් තෝරගත් විට සියලුම දෙනා තමාට අපහස කල බවත් වර්තමානය වන විට තමා තීරණය කල නායකත්වය රටට අවශ්‍ය බව තීරණය කොට සජිත් ප්‍රේමදාස මහතා සමග සිටගත් බවත් ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය පවසයි

ඇය මෙම අදහස් පලකළේ කඩවත ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ රැළියක් අමතමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න

”මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඒ අරගලයෙන් අපි ඉල්ලපු දේවල් දෙන්න පුලුවන් නායකයා විදිහට තෝරගත්තාම සියලුම දෙනා මට අපහස කරා. හැබැයි මට අද සතුටුයි මට අද ආඩම්බරයි මම ඒ තීරණය කරපු නායකතවය තමයි රටට ඕන කියලා නිර්පාක්ෂිකව අරගල කරපු හරි අරගලකරුවෝ ටික අද සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක හිටගෙන ඉන්නවා.අපි එපා කියපු දේවල් එපා. මේ රටේ මිනිස්සුන්ට දීපු ගින්දර ඇති .මේක හදවතට, හැගීම් වලට , රැළිවලට ඉඩ දෙන වෙලාව නෙවේ. එහෙම රැළි වලට ඉඩ දුන්නොත් රට අනුරට නෙවේ. රට අදුරට යන්නේ. ආපහු මේ රට ගිනි තියනවාද නැත්තම් නිවා සැනසෙන්න ඉඩ දෙනවද ඔය දෙකෙන් එකයි අපි තීරණය කරන්න ඕන”