රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (19) රිජ්වේ ආර්යා රෝහලේ (LRH) බාහිර රෝගී අංශයේ (OPD) වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.
මෙය පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිත පැය 24ක සංකේත වැඩවර්ජනයක් බවත් රිජ්වේ ආර්යා රෝහලේ (LRH) බාහිර රෝගී අංශයේ (OPD) පළමු රෝහලේ වර්ජනය ලෙස ඉතිහාසයට එක් වන බවත් සදහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම රෝහලේ සිටින වෛද්‍යවරයෙකුට එරෙහිව අවශ්‍ය පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කර තිබේ.
රෝහල් අධ්යක්ෂවරයා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම ගැටලුව විසඳීමට අපොහොසත් වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් වෛද්‍යවරුන්ට අදාළ විශේෂඥ වෛද්‍යවරයා සමඟ කටයුතු කිරීමට අපහසු පරිසරයක් නිර්මාණය වී ඇති බවත් වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දී ඇත.