නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළදී නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා ඇත.

ලක්ෂ 9 කට අධික රියැදුරු බලපත්‍ර තොගයක් මේ වන විට ගොඩ ගැසී ඇති බව කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසා තිබේ.

රියැදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් මෙලෙස රියැදුරු බලපත්‍ර ගොඩ ගැසී තිබේ.

එම නිසා පසුගිය සඳුදා මුද්‍රණ යන්ත්‍ර තුනක් අලුතින් ලැබුණු බව ද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.