කටුනායක අධිවේගී මාර්ගයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් ඇති බව වාර්තා වේ.

කටුනායක අධිවේගී මාර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද අලුයම 2ට පමණ එම අනතුර සිදුව ඇත.

රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබියදි ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කළ ද රාජ්‍ය අඇමැතිවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වැති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

අනතුරින් තුවාල ලැබූ රියදුරා මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.