ජය ශ්‍රී අයියා මලෝ පහුගියදා ලංකාව වටේ ගිහිං අලුත් වැඩකට අත ගැහුවා කියලා ආරංචි වුණා. මේ දෙන්නා කරපු වැඩේ මොකක්ද කියන එක ඇත්ත නැත්ත තවම හෙළිදරව් වෙලා නම් නැහැ. හැබැයි මේ ගැන සමාජ මාධ්‍ය තුළ එක එක විදියේ කතාබහ පැතිරෙනවා. ඒ නිසා මේ කතාවල ඇත්ත නැත්ත ජය ශ්‍රී ල ගෙන්ම අහන්න අපි තීරණය කළා. ‍

‘රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ. ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. අපිට යුනික්, ඔපදාගන්න එක අපිම කරගන්නවා’ කියලා තමයි මේ ගැන ජය ශ්‍රී රෝහිත නම් කිව්වේ.

මේ වැඩේ වෙනුවෙන් ලංකාවේ තියෙන ලස්සනම තැන් වලට ජය ශ්‍රී අයිය මලෝ ගියා කියලා තමයි කිව්වේ. ඇත්තටම, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකක් වත් කරන්න ප්ලෑන් කරනවද ? නැත්නම් ටුවරිසම් ප්‍රමෝෂන් වැඩක්වත් කරනවද කියන සැකය මේ කතාව අහපු ගමන් අපිටත් හිතුණා.

ජය ශ්‍රී ලා කරන මේ රුවිත වැඩේ තව ටික දවසක් යනකල් කාටවත් නොකියා ඉන්න බව තමයි ඔවුන් අපිට කිව්වේ.

රුවිතේ වෙනුවෙන් රට වටේම ඇවිදලා ආව රොහාන් නම් කියන්නේ, ‘බඩු සැරයි – සැප ගොඩ’ යි කියලා.

ඉතිං, ජය ශ්‍රී ලා කියන මේ ඩයමන්ඩ් එක නුදුරේදීම ප්‍රසිද්ධ කරන්න සූදානම්. ඒ ගැන ඔබට කියන්න අපිත් සූදානමින් ඉන්නවා.