රුසියාවට එරෙහිව දිගු දුර ආයුධ සැපයීමට බටහිර රටවල් කටයුතු කිරීම ලජ්ජා සහගත බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන් අමතමින් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් විවේචනය කර තිබෙනවා.

එම ක්‍රියාවට ප්‍රතික්‍රියා වශයෙන් රුසියාවටද අවි ආයුධ සක්‍රීය කළ හැකි බව ජනපති පුටින් එහිදී අවධාරණය කර තිබෙනවා

රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහරදීමට බටහිර නිෂ්පාදිත දිගු දුර ආයුධ ලබා දෙද්දී, රුසියාව සතු න්‍යෂටික බලය අමතක කළ යුතු නැති බවත් ඔහු සිහිපත් කර තිබෙනවා.

බටහි​ර රටවල මෙම ක්‍රියාකලාප​ය  ජාත්‍යන්තර ආරක්ෂාව අඩපණ කර, ඉතා බරපතල ගැටළු ඇති කළ හැකි බව පුටින් තව දුරටත් අවධාරණය කරනවා

රුසියානු සමූහාණ්ඩුවට එරෙහි යුද්ධයට ඔවුන්ගේ සෘජු මැදිහත්වීම තුළ තම ස්වෛරීභාවයට තර්ජනයක් එල්ලවන යම් අවස්තාවක න්‍යෂ්ටික බලය භාවිත කළ හැකි බවටත් ඔහු මෙහිදී ඉඟි පළ කර තිබෙනවා.