අද අලුයම් කාලයේ එල්ල වූ  රුසියානු ප්‍රහාර වලින්  යුක්රේනයේ කියෙව් අගනුවර ළමා රෝහලකට බරපතල හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙ​න් ඉන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊට ළමා රෝහලේදී මියගිය දෙදෙනෙකු ද ඇතුළත් බව සදහන්

ආරක්ෂක ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතව පෝලන්තයට ගොස් සිටින යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ රුසියාව සිවිල් වැසියන්ට එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිවිපාක වලට මුහුණ දිය යුතු බවයි.

ප්‍රහාරයෙන් ළමා රෝහලේ එක් කොටසක් විනාශ වී ඇති අතර තවත් කොටසක ගින්නක් ඇති වූ බව සඳහන්.

රෝහල, පිළිකා ප්‍රතිකාර සහ අවයව බද්ධ කිරීම් ඇතුළු බොහෝ කාර්යයන් සිදු කරන විශාල රෝහලක් බවයි වාර්තා වන්නේ.