රුසියානු නාවික යාත්‍රා හතරක් , න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් සහ යුද නෞකාවක් කියුබාවට පැමිණ තිබෙනවා.

එම යාත්‍රා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට සැතපුම් 90ක් (145ක්ම්) පමණ දුරින් හවානා බොක්කෙහි නැංගුරම් ලා ඇති බව සඳහන්

යුද නෞකාව සහ සබ්මැරීනය යන දෙකෙහිම හයිපර්සොනික් මිසයිල ඇතුළු උසස් ආයුධ ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ගොර්ෂ්කොව් පවසා ​සිටින අතර එය ප්‍රතික්ෂේප කරමින් කියුබාවේ විදේශ අමාත්‍යාංශය පවස​න්නේ  කිසිදු යාත්‍රාවක න්‍යෂ්ටික අවි නොමැති බවත් ඔවුන්ගේ දින පහක සංචාරය ,කලාපයට තර්ජනයක් නොවන බවත් ය .

කෙසේ වෙතත් මෙම රුසියානු යුද නැව් සංචාරය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඇමරිකානු බලධාරින් අවධාරණය කර සිටිනවා