යුක්‍රේනයේ සාමය වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ පැවති සාම සමුළුවේදී රුසියාව යුක්‍රේන භූමියෙන් ඉවත්වුවහොත් තමා ​සාම සාකච්ඡා සඳහා සූදානම් බව යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා

එහෙත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද්ධය අවසන් නොකරන බවත්, මිලිටරි හෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් යුක්‍රේනයේ යුද්ධය නැවැත්විය යුතු බවත් ඔහු අවධාරණ කර තිබෙනවා.

යුද්ධය ජයග්‍රහණය කිරීමට බටහිර ආධාර ප්‍රමාණවත් නොවන නමුත් මෙම සමුළුව මගින් යුක්‍රේනයට ජාත්‍යන්තර සහයෝගය දුර්වල නොවන බව අවබෝධ වූ බවයි ඔහු පවසා සිටියේ

යුද්ධයේ දුක් වේදනා සහ විනාශයට හේතුව ලෙස රුසියාවට තදින්ම චෝදනා කරන ලියවිල්ලක් මෙහිදී සම්මත කර ඇති නමුත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් ඊට අත්සන් තබා නැහැ.

මෙම සමුළුවේ අරමුණ වූයේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට උපකාර කළ හැකි ක්‍රියාවලියක් සඳහා පිටුබලය නිර්මාණය කිරීම වන අතරම ඊට රටවල් 90 කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන පැමිණ සිටි බව වාර්තා ​වේ