ඊයේ (28) දිනයේදී ශ්‍රී ලාංකික කලාකරුවෙකුට ඕස්ට්‍රේලියාවේ දී ලැබුණ ඉහළම වටිනාකම ” රූ සඳ රෑ ප්‍රසංගය” වෙනුවෙන් රූකාන්ත ගුණතිලක ප්‍රමුඛ චන්ද්‍රලේකා, රයිනී, සනුක, වින්ඩි විසින් හිමි කරගනු ලැබුවා

මේ මස ඕස්ට්‍රේලියාවේ පැවත්වූ රූ සඳ රෑ – The finale tour ප්‍රසංග මාලාව ඉකුත් දින වල අති උත්කර්ශවත් අන්දමින් බ්‍රිස්බෙන්, සිඩ්නි නගර වල පවත්වා අගෝස්තු 31 වන දින මෙල්බර්න් Palais Theatre හී පැවැත්වෙන ප්‍රසංගයට සූදානම් වන පසුබිමක ඔවුන් මෙසේ අගය කිරීමට පත්විය .

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ඇතුළු තරිදු ජයතිලක, ශෙහාන් ද සිල්වා යන අයාවලුන්ගෙන් සැදුම් ලත් 7 zone entertainment ආයතනයෙන් මෙවර සංවිධානය වන “රූ සඳ රෑ The finale tour” ප්‍රසංගයේ මෙල්බර්න් ප්‍රසංගය පැවැත්වන ඕස්ට්‍රේලියාවේ දැවැන්තම ප්‍රාසාංගික වේදිකාව palais theatre හී ශ්‍රී ලංකික කලාකරුවෙකු ඉදිරිපත් කරන ප්‍රථම වතාව මෙය වේ.

ප්‍රසංගයෙහි නීති කටයුතු සදහා අනුග්‍රහය සපයන තවත් සාර්ථක ශ්‍රී ලාංකික ව්‍යවසායිකයෙක් වන නීතිඥ ශෙවන් මෙන්ඩිස් විසින් මෙම දැවැන්ත ශ්‍රී ලාංකික ව්‍යායාමය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අවධානයට යොමුකර තිබෙනවා

ඒ අනුව එරට වෙසෙන ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් 7 zone entertainment ආයතනය සිදු කරන්නා වූ සේවය සහ රූකාන්ත ගුණතිලක ඇතුළු මේ කලාකරුවන් ඇගයීම එරට ලිබරල් පක්ෂයේ මූලිකත් වයෙන් එරට පාර්ලිමේන්තුවේදී සංවිධානය වන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකික කලාකරුවෙකුට ඕස්ට්‍රේලියාවේ දී ලැබුණු ඉහළම ඇගයීම ඊයේ දිනයේදී රූකාන්ත ඇතුළු එම පවුලට හිමිවූ අතර
එම මොහොතට Evan Mulholland – Deputy Leader of the Opposition in the Legislative, John pesutto – opposition leader (liberal party), Richard weich – mp යන මහත්වරුන් සම්බන්ධ වූ අතර සාගර ලක්මාල් ද මෙල් මහතා ජායාරූපකරණයෙන් මේ අවස්ථාවට එක්විය.