මෑත කාලයේ රෝහල් තුළ සිදුවූ අන්දෝලනයක් ඇතිකළ මරණ 06යෙන් පහකට ඖෂධ ආසාත්මිකතාවන් බොහෝ දුරට හේතු විය හැකි බව ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව පවසා ඇත.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවූ අන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස්ගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත් කළ අතර එම කමිටුව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබේ.

අදාළ විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ 06යෙන් පහකට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවත් සාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බවය.