එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 53 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළි දැක්වුණු වාචික වාර්තාව අගය කර සිටින බවත් වගවීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත එම කවුන්සලය තවදුරටත් බලපෑම් සිදුකළ බවත් මෙරට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිසම් කවුන්සලයේ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවද ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන්නේ නම් කවුන්සලය ඊට අවශ්‍ය පියටර ගන්නේ යැයි අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවද ඊපි ආර්එඑත් නායක සුරේෂ් ප්‍රේමචන් මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවද ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ සදහන් පිළිගත නොහැකි වගන්ති ඉවත් කළ යුතු යැයි මානව හිමිකම් කවුන්සලය යෝජනා කර ඇති බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වා දුන්නේය.

තවද අතුරුදන් වුවන්ගේ කාර්යාලය ක්‍රියාත්මක නොවන බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මහකොමසාරිස්වරිය පෙන්වා දී ඇති බව පැවසු ඒ මහතා මෙම වාචික වාර්තාව පදනම් කර ගනිමින් ඊළග සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තීරණ ගත යුතු යැයි සිය පක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන් සලයෙන් ඉල්ලා සිටියේය.

මේ වින විට පැවැත්වෙමින් තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන් සලයේ 53 වන සැසිවාරය හා එහිදී ශ්‍රී ලංකාව පිළිබදව ඉදිරිපත්

වූ වාචික වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කීය.

රාජිනි මෙන්ඩිස්