ශ්‍රී ලංකාවේ අරගලයේ මහමොළකරු ඇමරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසා සිටියා

අද (08) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පලකළා

“අපි දැක්කා අරගල සමයේ ඇමරිකානු තානාපතිතුමිය ජූලි චන්ග් මහත්මිය නිරායුධ ආරගලකරුවන්ට අත නොතබනු, කියලා අඛණ්ඩව මාධ්‍ය නිවේදන කළා . ඒ විතරක් නෙවේ බංගලිදේශයෙත් එහෙමම තමයි. රනිල් වික්‍ර්‍මසිංහ ජනාධිපති ධුරයට පත්වුණාට පස්සේ අපේ ජූලි චන්ග් මහත්මියගේ X ගිණුම හදිසියේම අක්‍රීයවුණා. තාම හදාගෙන නැති පාටයි .අවසානයේදි අපි හොයාගත්තා ලංකාවේ අරගලයේ මහමොළකරු ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් කියලා .බංගලිදේශයේ මහමොළකරු ඇමරිකානු තානපති පීටර් හාස්ටර් කියන්න තාම කල් වැඩියි . තව මාස තුනක් ගියාම සැබෑ තොරතුරු එළියට එන්න ඉඩ තියනවා