ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණ පා ඇති” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා 2024 අයවැයෙන් මුදල් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා රු. බිලියන 1.5ක් වෙන් කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කර තිබේ.

එම ප්‍රතිපාදන අඩු පහසුකම් ඇති පාසල් සහ පළාත්වලට ලබා දීමට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.