ඊයේ (19) දිනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය සංකේතාත්මක සම්මේලනයේ සභාපති ආචාර්ය අම්රි නිසාම් මහතා සහ   ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අතර හමුවක් පැවැත්වුවා.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශයෙහි පැවති මෙම හමු​ව සදහා පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල්වල දූත පිරිසක් ද එක්ව සිටියා.

මෙම දූත පිරිස අතර විවිධ විද්වත් ක්ෂේත්‍රවල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් ​හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවර​යා සම​ග පැවති සාකච්ඡාවේදී ලංකාවේ ක්‍රීඩකයින් සදහා චීන භෞතචිකිත්සක ක්‍රමවේද හදුන්වා දීම, අනාගත යොවුන් ව්‍යවසායකත්වයට අතහිත දීම සදහා වැඩපිළිවෙළක්, චීන ශ්‍රී ලංකා යොවුන් හුවමාරු වැඩසටහන් තුළින් අන්තර් සංස්කෘතික අවබෝධය ඔස්සේ ප්‍රතිලාභ ලබන යෞවනයන් සහිත අනාගත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වැදගත් යෝජනා ඉදිරිපත් වී තිබු බව සඳහන්.

මෙම හමුවේ දී, පොදුරාජ්‍ය මණ්ඩලීය සංකේතාත්මක සම්මේලනයේ සභාපති ඇතුළු දූත පිරිස විසින් රාජ්‍ය අමාත්‍යවරයාව අගය කරමින් විශේෂ සමරු ඵලකයක් තිළිණ කල අතර  චීන ජන විශ්වාසයන්ට අනුව බලවත් යැයි විශ්වාස කෙරෙන රත්‍රං වර්ණ මිශ්‍රිත අක්ෂර අදින ලද සුභ පත්‍රිකාවක් ද රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.