මෙර​ට ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කර ඇ​ත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී මුදල් අමාත්‍යංශය ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් ( David Sislen) අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.