මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් රැකියා වල නිරත පිරිස මැතිවරණ දිනයේදී ද එම රටවල සිය රැකියාවල නිරතවීම නිසා ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්, ඈත දියඹේ ධීවර කටයුතු වලට පිටත්ව ගොස් සිටින ධීවරයන් ඇතුළු කණ්ඩායම්වලට ද ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

මෙවර ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වරට 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටීමද විශේෂතවයක්.

ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා 1,148,258 ක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබීමද විශේෂත්වයක්.