ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැවැන්තම සන්ධානය ගොඩනැගීම උදෙසා වන සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්වුණි.

ඒ අනු​ව ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් බිහි කිරීම උදෙසා පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂ නායකයින් හා මන්ත්‍රී කණ්ඩායම් සමග සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු ප්‍රධාන, කණ්ඩායමක එකමුතුව ඉදිරියේදී බිහි කිරීමට නියමිත බව සදහන් .

රට බංකොලොත්භාවයට පත් කළා යැයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා තීන්දු කළ ආර්ථික ඝාතකයින් හා ඔවුන්ගේ වන්දිභට්ට කණ්ඩායමෙන්  තොර ආර්ථික සමෘද්ධිය ජන ජීවිතය නගා සිටුවීම ජාතික සංහිඳියාව හා දූෂණයෙන් තොර රටක් උදෙසා මෙම සන්ධානය පිහිටුවීමට තීරණය කළ බව වාර්තා වේ.

එහිදී ඉදිරියේදී ගොඩනැගෙන මෙම දැවැන්ත සන්ධානයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් කිරීමට තිදෙනකුන් යුත් කණ්ඩායමක් පත් කළ අතර එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දෙන උපාය මාර්ගික සැලැස්මද, දේශපාලන වැඩ පිළිවෙළ හා ආර්ථික ප්‍රතිපත්ති මාලාව කෙටුම්පත් කර අවසන් කිරීමටද තීන්දු කර ඇති බවද සදහන්