TikTok සමාජ මාධ්‍ය තුළ Mama Guy නමින් ජනප්‍රිය වී සිටින Seo Won Joeng නැමති 27 හැවිරිදි කොරියානු ජාතිකයෙකු ලිංගික අපයෝජන චෝදනාවත් මත අත් අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා මිලියන 55කට අධික විශාල අනුගාමිකයින් පිරිසක් සහිත Seo Won Joeng හට එල්ල වී ඇති චෝදනාව වන්නේ, මත්පැන් ලබා දීමෙන් කාන්තාවක් මත් කර, මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් අතවර කිරීමයි. යම් හෙයකින් Seo Won Joeng හට එල්ලවූ චෝදනා සම්බන්ධයෙනු ඔහු වරදකරු වුවහොත්, වසර හතක සිර දඩුවමක යටත් වීමට ඔහුට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.