අගෝස්තු මාසය සඳහා ගෑස් මිල වෙනස් නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

පසුගිය ජුලි 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමනු ලැබුවා.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 3690ක්.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1482යි.

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් පහළ දමා ඇති අතර,එහි නව මිල රු. 694ක්.