අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3,940කි.

එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582ක් වන අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 740ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32කින්.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් සැළකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට සහන සැළසීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධනය සිදු කරන බවයි.