ලිබියාවේ මධ්‍යධරණී වෙරළ තීරය පුරා පැතිර ගිය ‘ඩැනියෙල්’ කුණාටුව හේතුවෙන් ගංවතුරට ගොදුරු වූ ඩර්නා නගරයේ ජීවත් වූ පුද්ගලයන් 20,000 පමණ ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි එම ප්‍රදේශයේ නගරාධිපතිවරයා අනුමාන කරයි. මේ වන විට 5000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව නිසි ලෙසම තහවුරු වී ඇති අතර ගංවතුරත් සමඟ මුහුදට ගසාගෙන ගිය සිරුරු තවමත් ගොඩගසමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

ලක්ෂයකට අධික ජනතාවක් වෙසෙන ඩර්නා නගරය එකවරම මීටර් 3කට වැඩි ගංවතුරකින් වැසී ගොස් ඇති අතර කුණාටුව හේතුවෙන් නගරය හරහා ගලා බසින Wadi Derna ගඟේ වේලි දෙකක් කැඩීගොස් ඒ සමග සුනාමියකින් මෙන් එක්වරම නගරය ගංවතුරින් වැසී ගොස් ඇත.

මෙම සිදුවීම ඇතිවන අවස්ථාවේ පුද්ගලයන් නිවෙස් තුල නිදා සිටීම සිදුවූ ජීවිත හානි හා දේපළ හානී විශාල ලෙස ඉහළ යාමට හේතුව බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.