ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හට ගෙන ඇති ගැටුම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාර හමුවේ තුවාල ලැබු සංඛ්‍යාව 150කට අධික බව සඳහන්ය.

පසුගිය සදුදා (14) දිනයේ සිට සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වී තිබිණි.

කෙසේවෙතත් මේ වන විට සටන් විරාමයක් සඳහා එම පාර්ශ්ව දෙක එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාසයේ ද ට්‍රිපෝලි නුවර පැවති ගැටුම්වලින් පුද්ගලයන් තිස් දෙදෙනෙක් මිය ගොස් ඇත.