ඇමරිකාවේ හිටපු ජනාධිපති Donald Trump විසින් 2019 වසරේදී ලේඛිකා E. Jean Carroll ට අපහාස කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 83.3 ක වන්දියක් ගෙවීමට නිවයෝර්ක් අධිකරණය විසින් Donald Trump වෙත නියෝගග කර තිබෙනවා.

1990 වසරේදී ද Donald Trump විසන් මෙම ලේඛිකාව ලිංගික අතවරයට ලක් කරන ලද බවද වාර්තා වුණා. සියළු කරුණු සැලකිල්ලට ගෙන මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව ලේඛිකාවගේ කීර්ති නාමයට හානි සිදුවීම හා ඇයට සිදු වූ හානිය සම්බන්ධයෙන් දඩුවම් ලෙස ඩොලර් මිලිනය 65කුත් වන්දි වශයෙන් තවත් ඩොලර් මිලියන 18.3කුත් ගෙවීමට ජූරිය තීරණය කර තිබුණා. මෙම තීන්දුවට එරෙහිව Donald Trump විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වනවා.