අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රශී ප්‍රබා රත්වත්තේ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඒ නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය ඔක්තෝබර් මස 31 වනදා අත්අඩංගුවට ගත් අතර පසුව අද (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදී.
රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉකුත් 2 වෙනි දා අසනීප බව පවසමින් බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවුණු අතර එහිදී ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඉකුත් 3 වෙනිදා ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුව සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලැබීය.
මේ අතර එම මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ ද අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ 04 වනදා පෙනීසිටීමෙන් අනතුරුවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ බවද තොරතුරු වාර්තා විය.