මෙම වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක පිතිකරණ යුගලය සකස් කර ගත යුතු බවත්, ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න තීරණය කළ යුතු බවත් හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉතා හොඳින් ක්‍රීඩා කරන බවත්, ලෝක කුසලානයට පෙර ආරම්භක පිතිකරුවන් ස්ථාවර වී ඇති බව සහතික කිරීම සඳහා ආරම්භක පිතිකරු යුගලය හඳුනාගෙන ඔවුන් අඛණ්ඩව ක්‍රීඩා කිරීමට යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය දිගින් දිගටම ඉතා හොඳින් ක්‍රීඩා කරන බවත්, එය අඛණ්ඩව තරග 13ක් ජයගැනීමෙන් ඔප්පු වන බවත් ඔහු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.