එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද හයිද්‍රාබාද්හිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ. අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වනු ඇත.

පාකිස්තානය සහ ශ්‍රීලංකාව අතර ලෝක කුසලාන එක්දින තරග 08ක් පවත්වා ඇති අතර ඉන් 07ක්ම පාකිස්තානය ජයගෙන ඇති අතර, එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

අද තරගය පිළිබඳ Xposure විශ්ලේෂණය වන ‘World Cup Line up’ වැඩසටහන පහත සබැඳියෙන් නැරඹිය හැකිය.

https://fb.watch/nAAWKvxtSm/