ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරු 02.00ට මුම්බායිහිදී ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව ඉන්දියාව සහ නවසීන්තය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරග වදී.

මූලික වටයේදී සහභාගී වූ සියලුම තරග ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර, නවසීලන්තය තමන් සහභාගී වූ තරග නවයෙන් 05ක් ජයගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී හෙට (16) පැවැත්වේ.