එක්දින ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා තේරීම් කමිටුව අද රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී නායකත්වය මාරු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් තේරීම් කමිටුව සහ නායකයා අතර හමුවක් පවත්වා ඇති අතර, අවසානයේ තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ දසුන් ශානක ලෝක කුසලානයටද නායකත්වය හෙඹවිය යුතු බවයි.

දසුන් ශානක නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද දැනුම්දී තිබුණද ඔහු ඉල්ලා අස්වන්නේ තමන්ගේ සේවය කණ්ඩායමට අවශ්‍ය නොවන බව තේරීම් කමිටුව තීරණයට පැමිණියහොත් පමණක් යන්න දසු​න් සඳහන් කර තිබුණි.