හංගේරියාවේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇමෙරිකානු ක්‍රීඩක Noah Lyles පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 9.83කින් අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

මීටර් 100 ඉසව්වේ මෙම වසරේ වාර්තා වූ වේගවත්ම කාලයද මෙයයි. මෙම ඉසව්වේ රිදී පදක්කම 20 හැවිරිදි Letslie Tebogo විසින්ද, ලෝකඩ පදක්කම Zharnel Hughes විසින්ද දිනා ගැනීමට සමත් විය.

මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සුදුසුකම් ලබා සිටි අතර, ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු මෙම තරගාවලියෙන් ඉවත් විය.