1991 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර 1993 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙස මැයි මස 03 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර ලෝක නිදහස් ජනමාධ්‍ය දිනයේ තේමාව මිහිතලයට ජනමාධ්‍ය – පාරිසරික අර්බුද හමුවේ මාධ්‍යකරණය යන්නයි.

ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබාගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිවයි.