ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසා ඇත.

දකුණු පළාතේ මේ වනවිට ගණනය කිරීම් ආරම්භ කර ඇති බවත්, එම කටයුතු දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති බවත් එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර සඳහන් කර තිබේ.

නියඟයෙන් සිදු වූ හානි ද මේ වනවිට ගණනය කරමින් පවතින බවත් එම ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.

මෙම සියලු ගණනය කිරීම් අවසන් කර කඩිනමින් ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.