වට්ස් ඇප් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල පවසයි.
පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.
මාර්ගගත සාකච්ඡාවකට ඇරයුම් කිරීමේ මාර්ගයෙන් එම කටයුතු සිදුකරන බවටද තොරතුරු ලැබී ඇත.
ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ඔහු දැනුම් දෙන්නේ.