අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් එම පක්ෂයේ පස්සර සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබේ.

සමගි ජන බලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලේට්චුමන් සංජය පත්කර ඇත.

සජබ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් මෙම පත් වීම ලැබී තිබේ.