වතුකම්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතුව ඇති සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් කඩිනමින් ගෙවීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදීම ඉදිරිපත් කරන බව විෂයභාර අමාත්‍ය රමේෂ් පතිරණ  ලංකා කම්කරු කොංග්‍රසයට පොරොන්දු වී ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යංගයේදී පසුගියදා ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ අතර පැවති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම පොරොන්දු ලබාදී තිබේ.

20002 වර්ෂයේ සිට වතුකමිකරුවන් බොහෝ දෙනෙකුට සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ගෙවිය යුතුව ඇති බවත් එම හිඳිල මුදල් කඩිනමින් මතුකම්කරුවන්ට ගෙවන්නැයි කමරී, කොං ග්‍රසයේ නියෝජිතයින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේන්  ඇලලා ඇත.

තවද චතුකම්කරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට පර්චස් දහයක් ඉඩම් කැබැල්ලක් හා වනය වල යළි තෙපැල සිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා  කර තිබේ.

ඒ අනුව රටේම එතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා ගේ අවධානය යොමුකර ඊට අදාළ විසඳුම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව ය.

රාජිනි මෙන්ඩිස්