බංග්ලාදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන අලි හදාවඩා ගැනීම තහනම් කරමින් සහ සූරාකෑමෙන් ආරක්ෂා කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අලි හදා වඩා ගැනීමේ සියලු‍ම බලපත්‍ර මහාධිකරණය විසින් තහනම් කර ඇති අතර ඒ අනුව එම සතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගැනීමට නොහැකි වනු ඇති.

බංග්ලාදේශය මීට පෙර ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් වූ නමුත් මේ වනවිට සිටින්නේ අලි ඇතුන් 200ක් පමණක් බවත්, හීලෑ අලි ඇතුන් සඳහා බලපත්‍ර හිමි ඇතැම් පිරිස් එම අවසරය අවභාවිතා කරමින් එම සතුන් සිඟමන් යැදීමට, සර්කස් හෝ වීථී සංදර්ශන සඳහා යොදාගැනීම සහ දර ඇදීම වැනි බර ඇදීමේ වැඩ සඳහා යොදා ගැනීම දැඩි ලෙස සිදුවන බව සඳහන් වේ.

බොහෝ විට අලි පැටවුන් මවගෙන් වෙන් කර මාස ගණන් විලංගු දමා වධ හිංසා පමුණුවා හීලෑ කර ඇති බැවින් එම අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවත් එබැවින් එම බලපත්‍ර අවලංගු කිරීමට ද අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මේ සියලු කාරණා හේතුවෙන් මෙම අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

.