ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව පසුගියදා විරෝධතාවයේ නිරත වූ විදුලි සේවකයින් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

විරෝධතාවය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මුදල් කවුළු වසා දැමීම තුළ පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා පැමිණ තිබූ බව එම මණ්ඩලය පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරමින් සහ නීත්‍යානුකූල නොවන පරදි විදුලිබල මණ්ඩල සේවක විරෝධතාවයට සේවකයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ගේ සේවය තහනම් කර දැඩි විනය පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියට පසුගිය දා දන්වා ඇත.